Press "Enter" to skip to content

නව තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද, ජපානයේ නව තානාපතිවරයා ලෙස ඉසොමතා අකියෝ (ISOMATA Akio) මහතා ද මෙලස පත්ව සිටින අතර ඔවුහු සිය අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහකට ද එක් වූහ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *