Press "Enter" to skip to content

මහමැතිවරණයට 13දා සිට පාසල් නිවාඩු

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13 දා සිට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සඳහා නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මැතිවරණයෙන් පසුව එළඹෙන 18දා පාසල් නැවත ආරම්භ කරන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු පාර්ශ්ව දැනුවත් කර තිබෙන බව ද අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබා දෙන අතර

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2024.11.12 දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිතය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙසද අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කරයි.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *