Press "Enter" to skip to content

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වෙයි.

පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන් හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට විශේෂ දින දෙකක් ලෙස ඊයේ සහ අද අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී තැපැල් ඡන්ද මෙතෙක් සලකුණු නොකළ ඡන්ද දායකයින්ට අද දිනය තුළ ද ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *