Press "Enter" to skip to content

එළැඹෙන මැතිවරණයේ රජයක් පිහිටුවා ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා

එළැඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා සමගි ජන බලවේග රජයක් පිහිටුවා ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට අනිවාර්යයෙන් විසඳුම් ලබා දෙන්න කැපවෙන බවත් වත්මන් ජනාධිපතිවරයා වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට කියු පොරොන්දු ඉටු කරන්න නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදීය

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුනම බදු බර, තෙල් මිල, විදුලි බිල වැඩි කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොවු බවත් අද වන විට පාස්පෝට් පෝලිම හෝ අඩු වී නොමැති බවත් පැවසීය.

එළැඹෙන මැතිවරණයේ රජයක් පිහිටුවා ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා – හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *