Press "Enter" to skip to content

ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත , විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි 8 ක් වලංගු වන බවයි.

ඡන්දය ප්‍රකාශ කිරී­මට ජාතික හැඳු­නු­ම්පත පැරණි හෝ නව වලංගු විදේශ ගමන් බල­ප­ත්‍රය, රියැ­දුරු බල­ප­ත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රා­මික හැඳු­නු­ම්පත, ඊ හැඳු­නු­ම්පත සහ වැඩි­හිටි හැඳු­නු­ම්පත, පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කර ඇති පූජ්‍ය හෝ පූජක හැඳු­නු­ම්පත, හැඳු­නු­ම්පත නොමැති වීම නිසා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුව නිකුත් කර ඇති තාව­කා­ලික හැඳු­නු­ම්පත, ආබා­ධි­ත­යන් සඳහා මැති­ව­රණ කොමි­සම නිකුත් කර ඇති හැඳු­නු­ම්පත භාවිත කළ හැකි බවත් මේ කිසි­වක් නොමැති නම් මැති­ව­රණ කොමි­ස­මෙන් තාව­කා­ලික හැඳු­නු­ම්ප­තක් ලබා ගත හැකි වන අතර අපැ­හැ­දිලි හැඳු­නු­ම්පත් ඒ ආකා­රයේ කිසිදු හැඳු­නු­ම්ප­තක් හෝ ඡයා­රූ­පය සඳ­හන් කිසිදු ලිය­වි­ල්ලක් භාවිත කළ නොහැ­කිය.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය ඊයේ (08) දිනයෙන් අවසන් විය.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වැනිදා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී පැවැත්වීමට නියමිතය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *