Press "Enter" to skip to content

මධ්‍යම අධිවේගයේ තුන්වැනි අදියරේ කටයුතු ඇමති විජිතගේ නිරීක්ෂණයට

පොතුහැර සිට රඹුක්කන දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාගේ නිරීක්ෂනයට ඊයේ(09) ලක්ව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එහිදී මෙම මාර්ගයේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවය.

ඒ අනුව එලැඹෙන 2025 වසරේදී මෙම මාර්ග කොටසේ වැඩ කටයුතු නිම කිරීමට අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ පසුගිය 2023 වසරේදී වන අතර ඒ අනුව ගලගෙදර දක්වා සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල වනුයේ රුපියල් බිලියන 210කි.

මංතීරු 04ක් වන මෙම මාර්ගය පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.4කින් යුක්තය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *