Press "Enter" to skip to content

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ නවතම ශාකාව පිළියන්දලදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් සිය 78 වැනි ශාකාව පිළියන්දල නගරයේදී විවෘත කරන ලදී. අංක. 329/1/1, කොළඹ පාර, පිළියන්දල ලිපිනයේ පිහිටි මෙම නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) ඩිලාන් ගුණරත්න මහතා, දිස්ත්‍රීක් කළමණාකරු ඉදුනිල් ද සිල්වා මහතා, බණ්ඩාරගම ශාකා කළමණාකරු සචිත් අමරසිංහ මහතා, සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුලු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2019දී ඇරැඹූ අතර සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා කෙටි කාලයකින් රක්ෂණ ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැළැසුම් හා පාරිභෝගිකයන්ට සැපැයූ විශිෂ්ට සේවයයි. රටේ ප්‍රමුඛ හා විශ්වාසවන්ත රක්ෂණ සන්නාමයක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ සේවාවක් සපයන අතර පාරිභෝගිකයන්ගේ සේවා අවශ්‍යතා බාධාවකින් තොරව පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි.

“සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඉතිහාසයේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 78 වැනි ශාකාව පිළියන්දල නගරයේදී විවෘත කළා. වර්තමානයේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපොළේ 1%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියනවා. ඉදිරියේදී එම වෙළෙඳපොළ කොටස තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් අපගේ ශාකා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී වත්තල සහ කිරිබත්ගොඩ යන නගරවල නව ශාකා දෙකක් පිහිටු වීමට අපේක්ෂා කරනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා පැවසීය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *