Press "Enter" to skip to content

නීල් මැකෙන්සිගේ සහාය ශ්‍රී ලංකා පිලට

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරුවකු වන නීල් මැකෙන්සිගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

ඒ අනුව ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව බලා ගොස් සිටින ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනා මේ මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා වූ දින 8 ක කාලයේදී මැකෙන්සි සමඟ පුහුණු කඳවුරකට සහභාගිවනු ඇත.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 5 ක් ද සමඟින් ජාත්‍යන්තර ලකුණු 5000 කට ආසන්න සංඛ්‍යාවක් රැස් කිරීමට සමත්ව සිටින දකුණත් පිතිකරුවා 2009 වසරේදී ජාත්‍යන්තර තරග දිවියට සමු දුන්නේය.

දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී ද දෙවැනි තරගය දෙසැම්බර් 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ගෙකියුබේරාහි ශාන්ත ජෝජ් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ටෙස්ට් තරග සංචාරය සඳහා නොවැම්බර් මස 10 වැනිදා ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ක්‍රීඩකයින් මෙසේය.

ධනංජය ද සිල්වා (නායක), 2. දිමුත් කරුණාරත්න, 3. ඇන්ජලෝ මැතිව්ස්, 4. දිනේෂ් චන්දිමාල්, 5. ළහිරු කුමාර, 6. ප්‍රභාත් ජයසූරිය, 7. නිශාන් පීරිස්, 8. මිලාන් රත්නායක, 9. කසුන් රජිත, 10. ලසිත් ඇඹුල්දෙණිය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *