Press "Enter" to skip to content

ඡන්දය පාවිච්චි කරන්නයි ක්‍රිස්තියානි මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී

පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ,අද (13) ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.වැඩි දුරටත් අදහස් දැක්වූ කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා කියා සිටියේ මෙවර මහ මැතිවරණයේ දී සෑම පුරවැසියෙක්ම තම පරම අයිතියක් වන ඡන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ලෙස ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ඉල්ලා සිටින බව ද උන් වහන්සේ පැවසූහ.

එසේම මෙවර මහමැතිවරණයේ දී තම නියෝජිතයන් තෝරා ගැනීමේ දී චෝදනා රහිත,පළපුරුදු පරිණත අය සේම උගත් බුද්ධිමත් තරුණ පරපුර දෙස ද අවධානය යොමු කරන ලෙස ද වි⁣ශේෂයෙන් කාන්තා නියෝජනය ගැන අවධානය යොමු කරන ලෙස උන් වහන්සේ ඉල්ලා සිටියහ.

නොසලකා හැරීමට ලක් වී ඇති ජනතාව ගැන, ප්‍රතිසංධානය ගැන, පරිසරය ගැන ගැඹුරින් සලකා බලන අය මෙවර පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ජනතාව අවධානය යොමු කළ යුතු බව ක්‍රිෂෝර් ගාන්ධි කුමාර් දේවගැතිතුමා පැවසීය.එසේම

මෙහි දී ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් සුජිත සිවඥානගම් පියතුමා ද එම මංඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක රැල්ස්ටන් වයමන් මහතා ද ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා ද මෙහි දී අදහස් දැක්වූහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *