Press "Enter" to skip to content

තංගල්ලෙන් හමුවූ අනන්‍යතාවය තහවුරු නොකළ සුඛෝපභෝගී රථය

රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් පොලිස් භාරයට ගෙන තිබේ.

විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සැක කටයුතු වාහනයක් සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (12) පස්වරුවේ මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විතාරන්දෙනිය ප්‍රදේශයේ අදාළ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවකදී මෙම රථය සොයාගෙන තිබේ.

එම රථයේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි කිසිවක් වත්මන් අයිතිකරු සන්තකයේ තිබී නොමැත.

එහි අයිතිකරු ලෙස සැලකෙන ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මාතර පොලීසියට බාරවී තිබේ.

පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුව වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට මෝටර් රථය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර මෙම රථයේ වත්මන් හිමිකරු මෙම ජිප් රථය මිලදීගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයකින් බව සඳහන් ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *