Press "Enter" to skip to content

පෞද්ගලික අංශයටත් ඡන්දය සඳහා අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම්දෙයි

සියලුම පෞද්ගලික සහ බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නියුතුව සිටින පිරිසට හෙට (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩුව ලබාදෙන ලෙසට එම ආයතන ප්‍රධානීන්ගෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලීමක් කරයි.

ඔහු පැවසුවේ ඡන්දහිමි සියලුම රටවැසියන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවය.

එමෙන්ම මෙවර ඡන්දයහිමි සියලුම උසස් පෙළ සිසුන්ට ද ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දියයුතු බවත් ඒ සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරු සැලකිලිමත් වියයුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද දෙරණට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

“හෙට දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය සලකුණු කිරීමට හැකිවන ආකාරයට සියලුම පෞද්ගලික අංශයේ ආයතනත් බැංකු ක්ෂේත්‍රයෙත් සියලුමදෙනාගෙන් ඉල්ලා සිටිනවා… කරුණාකරලා තමන්ගේ කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ට ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස. විශේෂයෙන්ම දුර අනුව නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුම්වත් කරලා තියෙනවා.”

“331,000ක් පමණ වන, වයස අවුරුදු 18ට වැඩි මේ රටේ තරුණයන් සියලුමදෙනා ඡන්දය භාවිත කරන අය. ඔවුන්ට ඡන්දය භාවිත කිරීමට හැකි වන පරිදි ඔබගේ පංති සැලසුම් කරගන්න. මේක ඔවුන්ගේ අයිතියක්. ඒ සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න.”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *