Press "Enter" to skip to content

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙට වැඩ අරඹයි

මැතිවරණ කොමිසම මෙම මස අග දී යළි රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවට පත්වනු ඇත.

මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

දෙසැම්බර් මාසයේ දී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඒ අනුව මෙම කොමිෂන් සභා රැස්වීමේ දී මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර මෙවර මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මේ දක්වාත් ලබා නොදුන් දේශපාලන පක්ෂ හැකි ඉක්මනින් එම ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ඔවුන් දැනුම් දෙයි.

ඊයේ (17) දිනය වන විට දේශපාලන පක්ෂවලින් ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *