Press "Enter" to skip to content

රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සෙවීමට ස්වාධීන කමිටුවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අද (20) පැවති සාකච්ඡාවේදී රවී කරුණානයක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

එම සාකච්ඡාවේදී එම සිද්ධිය සඳහා ස්වාධින පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කර ඇත.

එම කමිටුවේ සාමාජිකයින් වශයෙන්,

නීතිඥ කුමාර් දුනුසිංහ මහතා
නීතිඥ ඉන්දික වේරගොඩ මහතා
ආචාර්ය විතානගේ මහතා

කමිටු ලේකම් – නීතිඥ යසස් ද සිල්වා මහතා

මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය විය.

අනතුරුව එම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කලේය.

 

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *