Press "Enter" to skip to content

මන්ත්‍රී වරප්‍රසාද නතර කිරීමට විපක්ෂයේ සහාය ලබා දෙනවා

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හතක් නතර කිරීම වෙනුවෙන් විපක්ෂයේ සියලු‍ම මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙන බවත් ඒ සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රත්නපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ජනාධිපති අනුර දිසානායක මහතාට 159 ක් මන්ත්‍රීවරු පිරිසකගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක බලයක් ලබාදීමට ජනතාව කටයුතු කරලා තිබෙනවා. රටේ බලය සහ පාර්ලිමේන්තුවේ බලය ජාතික ජන බලවේගයට ලබාදුන්නොත් මාස හයකින් රට ගොඩනගා පෙන්වන බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව එළඹෙන 21 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරනවා. එතැන් සිට මාස හයක කාලයක් තුළ රට තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සිදුකරයි කියලා සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ජනාධිපතිවරයා ඉල්ලු‍ බලයට වඩා වැඩි බලයක් රටේ ජනතාව අනුර දිසානායක ජනාධිපතිවරයාට ලබාදීලා තිබෙනවා. ජනාධිපතිවරයා ඕනෑම දෙයක් රට වෙනුවෙන් සිදුකරන්න ජනතාව අති විශාල ජන වරමක් ලබාදීලා තිබෙනවා.

ඒවගේම පුවත් පතක මන්ත්‍රීවරන්ගේ වරප්‍රසාද හතක් පිළිබඳ සඳහන් වෙලා තිබුණා. ඒ වරප්‍රසාද හත ඉවත් කරන බවට වුණ පොරොන්දුව තමයි ජාතික ජනබලවේගයේ ජනවරම තුළ තිබෙන්නේ. මේ වරප්‍රාසද නතර කිරීම වෙනුවෙන් විපක්ෂයේ සිටින සියලු‍ම මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙනවා. මගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.

අකිත පෙරේරා

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *