Press "Enter" to skip to content

රාජ්‍ය සේවකයන්ට ඇමති බිමල් දුන් උපදෙස

ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් එකලෙස වැඩ කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (20) වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ මොහොතේ සිට අපිට වැඩ කරන්න වෙන්නේ අපිට ඡන්දය දුන් නොදුන් හැම කෙනාම වෙනුවෙන්. මෙතනින් උඩට දේශපාලනය නැහැ. වරාය පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය දෙකම සම්බන්ධ කරගත් ක්‍රියාවලියකට යන්න ඕනේ.”

“දැන් නිලධාරීන්ට වැඩ කරන්න ලේසි වෙයි. එක ලෙස වැඩ කරන්න අවශ්‍ය අවස්ථාව අපි ලබාදෙනවා. අපිත් ඒක එලෙසම බලාපොරොත්තු වෙනවා. ඒක ලබාදෙන්න. ඒක ලබාදෙන්න බැරි අයට පුළුවන්… රාජ්‍ය සේවකයන් විදියට… ඔබටත් අයිතියක් තිබෙනවා… ඉන්නත් පුළුවන්… බැරි අය යන්නත් පුළුවන්… අපිට ලොකු ඇරියස් එකක් තියෙනවා… කරන්න රටේ. මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා.”

තමා යටතේ තිබෙන අමාත්‍යාංශවල ඉකුත් සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණයන් පිළිබඳව අනිවාර්යයෙන් සොයාබලා නීති මගින් කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

“සරලව කිව්වොත්… ළිඳ තිබුණට මදි පනිට්ටුවත් ඕනේ. මම තේරුම් අරන් තියෙන්නේ.. අනෙකුත් සියලුම අමාත්‍යංශවලින් දරන උත්සාහයන්වල ප්‍රතිඵලය රටට ලබාදෙන්න පුළුවන් වෙන්නේ අපේ ඒවා හරියට කළොත් විතරයි. නැත්නම් ළිඳ තියෙයි වතුර ගන්න විදියක් නැහැ.”

“අනාගතයේදී දූෂණය වළක්වන්න ඕනේ වගේම… සිදුවුණු මහාපරිමාණ දේවල් සම්බන්ධවත් අනිවාර්යයෙන්ම නීති මගින් කටයුතු කරන්නත් මම බලාපොරොත්තුවෙනවා.”

“අපිට මෙතන පුද්ගලික අරමුණු නැහැ. මේ අමාත්‍යංශයට තරුණ, දක්ෂ, උගත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ලැබෙනවා.”

“හිටපු ජනාධිපතිතුමා මුහුද තියෙන දිස්ත්‍රික්කයක නිසා වරාය ඒ දිස්ත්‍රික්කයේ හැදුණා. හදිසියේ ඔහු නුවර වගේ වුණා නම් වරාය නුවර වුණත් හදන්න පුළුවන් තත්ත්වයක් තිබුණා.”

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *