Press "Enter" to skip to content

ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක්

විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර පෙනීමේ දෝෂය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව පැවසුවාය.

“දැනට ලෝකයේ 30%ක පමණ ප්‍රවණතාවයක් මෙම අවිදුර දුෂ්ටිකත්වය තියෙනවා. ඉදිරි 2050 වන විට මෙය 50%ක් දක්වා වැඩි වෙයි කියන එක ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට අපි සළකන්නේ ඩිජිටල් තිර භාවිතය සහ ඒ තුළින් ඇතිවන එළිමහන් ක්‍රියාකාරකම් අඩුවීම කියන ප්‍රධානම කාරණාවන් දෙක.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *