Press "Enter" to skip to content

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක්

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි.

අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු ‍නොවන බවද ඔහු කියා සිටියේ ය.

ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසුවේ ය.

කෙසේවුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් රජයෙන් වාහනයක් ලබාදීමක් සිදු නොකෙරුණි.

ඔවුන්ට ඒ වෙනුවට ලැබුණු වරප්‍රසාද වූයේ වාහන ආනයන බලපත්‍රක් ලබාදීමය.

කෙසේවුවද, බොහෝ මන්ත්‍රීවරුන් වෙනත් පාර්ශවයන්ට සිය වාහන බලපත්‍රය අලෙවි කිරීම ගැන අවස්ථා රැසකදී සමාජයේ දැඩි කතාබහක් ඇති විය.

රටේ පැවති තත්ත්වය හමුවේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එම වරප්‍රසාදය නොලැබුණු අතර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එම වරප්‍රසාදය අහෝසි කරන බවට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් ලබාදුන්නේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *