Press "Enter" to skip to content

මගේ පත්වීම පක්ෂයට ප්‍රශ්නයක් නෙමෙයි

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීමට තම අවධානය යොමුවී ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ රවි කරුණානායක මහතා ඊයේ (21දා) පැවසීය.

තමාගේ පත්වීම පක්ෂයටම ප්‍රශ්නක් නොව අතළොස්සක් පිරිසකට පමණක් ප්‍රශ්නයක් බවත් පුද්ගලයන් කිහිප දෙනකුගේ වාසියට පක්ෂයට දුක්විඳීමට ඉඩදිය නොහැකි බවත් කරුණානායක මහතා ඊයේ (21දා) පැවති පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

තමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීති්‍යනුකූල බවද කරුණානායක මහතා පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *