නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දීමෙන් බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (21දා) පැවසය.
රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවන බවට කිසිදු පූර්ව දැනුම් දීමක් රනිල් වික්‍රමසිංහ මහතාට කර නොතිබූ බවත් පසුගිය 19 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා දෙදෙනකු තෝරාගැනීමට සාකච්ඡාවක් කැඳවා තිබිය දී ඊට පෙරදින (18 වැනිදා) රවි කරුණානායක මහතාගේ නම කොමිසමට යවා ඇති බවත් ඔහු කියා සිටියේය.
රවි කරුණානායක මහතා පත් කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇති කරගෙන තිබූ ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු වන රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සිව් පුද්ගල කමිටුවක් පත්කර ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් අබේවර්ධන මහතා කියාසිටියි. එම කමිටු නිර්දේශ සති තුනක කාලයක් ඇතුළත ලැබීමෙන් පසු කමිටු නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පක්ෂය කටයුතු කරන බව ද අබේවර්ධන මහතා පැවසීය.
Be First to Comment