Press "Enter" to skip to content

කොටි ලාංඡන යොදාගෙන මහ විරු සැමරුම් බෑ

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ ඇති නමුත් එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියකුගේ මියයෑම සමරන්න ඉඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ, එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිතා කරමින් බෑ. රටේ නීතියක් තියෙනවා, නීතියට අනුව කොටි සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි ඕනෑම උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, කඳුරට වේවා, තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නෙ නෑ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් යළි ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍ය ස්ථාපිත කරන බව. අපි කාටවත් බාධා කරලා නෑ තමන්ගේ මියගිය ඥාතියා සිහිපත් කරන්න. ඒ හින්දා මං හිතන්නෙ බොහෝ විට මේ උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිල්ලා තිබෙනවා. නමුත් අපි රටට අවධාරණය කරන්න කැමතියි එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්, ඔවුන්ට ඉඩකඩක් නෑ ඔවුන්ගේ ලාංඡන, නිල ඇඳුම්, බැනර් යොදාගනිමින් සැමරුම් කරන්න. එහෙත් අපි කිසි විටෙක බාධාවක් කරන්නෙ නෑ මේ රටේ කිසිදු පුද්ගලයකුගේ මියගිය ඥාතියකු සිහිපත් කිරීමට”.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී ය.

චතුර පමුණුව

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *