Press "Enter" to skip to content

මෝදි සමග මා අත්සන් කළ ‘දර්ශන ලේඛනය’ අනුර ඉස්සරහට ගෙන යා යුතුයි

ඉන්දියාව සමග අත්සන් කළ ‘දර්ශන ලේඛනය’ නව ජනපති අනුර කුමර දිසානායක මහතා විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දී පවසා තිබේ.

2023 ජූලි මාසයේදී හිටපු ජනපතිවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදි සමග දර්ශන ලේඛනයට අත්සන් කර ඇත. දෙරට අතර සහයෝගීතාවයේ ක්ෂේත්‍ර, විශේෂයෙන් ආර්ථික හවුල්කාරීත්වය මෙයට ඇතුළත් වෙයි. මේ හරහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර, ගුවන්, බලශක්ති සබඳතා සහ ජනතාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධාරණය කර ඇත.

“මමත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් අත්සන් කළ දර්ශන ලේඛනයේ අපි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතා ක්ෂේත්‍ර දක්වා තිබෙනවා. නව ජනපතිවරයා මෙය ඉදිරියට ගෙනයා යුතුයි. අපි මෙම දර්ශන ලේඛනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවත් මගේ අදහසයි, යනුවෙන් වික්‍රමසිංහ මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.

ඉන්දෝර් හි ශ්‍රී සත්‍ය සායි විද්‍යා විහාර පාසලේ පැවැති උත්සවයකට සහභාගි වීම සඳහා හිටපු ජනපති වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ගොස් සිටියි.

චතුර පමුණුව

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *