Press "Enter" to skip to content

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනාවක් ?

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රශ්න ගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් අයථා ලෙස මුදල්‍යම ලෙස ලාභ උපයා ඇතැයි සැක සහිත බවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

අද (25) පෙරවරුවේ පැවති  රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කෝශල වික්‍රමසිංහ මහතා මේ පැවසීය.

එමෙන්ම ඔහු පැවසුවේ මිනිස් ජාවාරමක් ලෙස පවා හැදින්විය හැකි ක්‍රමවේදයකට හිටපු අමාත්‍යවරයා මැදිහත්වීම ප්‍රශ්න ගත කරුණක් බවය.

“අපි හිතනවා මිනිස් ජාවාරමක් දක්වා තල්ලු වෙච්ච ක්‍රමවේදයකට ඇයි මේ රජය පිළිගත් ඇමතිවරයෙක් තල්ලු වුණේ. විශාල සැකසංකාවක් මතුවෙලා තියෙනවා අපිට ඇමතිවරයා අයථා ලාභයක් ලැබුවා කියලා අපිට සැක කරන්න පුළුවන්. දැනට අපි ළඟ සාධක නෑ. තොරතුරු අපි එකතුකරමින් සිටිනවා. කණ්ඩායම් ඉන්නවා. නීත්‍යානූකූලව ගන්න පුළුවන් නීතිමය ක්‍රමවේද තියෙනවා. ඔය එක පාර්ශවයක් විතරයි. මේ E8 විතරක් නෙමෙයි මෙතන ප්‍රශ්නය. ප්‍රශ්න ගොඩක් තියෙනවා.”

එමෙන්ම අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ද ඒ මහතා සඳහන් කළේ හිටපු අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් රැකියා ගිවිසුමක් හෝ නොමැතිව අනීතික අයුරින් ප්‍රශ්නගත E8 වීසා ක්‍රමය පවත්වාගෙන ගොස් ඇති බවය.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ කෙටිකාලීන සෘතුමය රැකියා සඳහා E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට යාමට නීත්‍යානුකූලව වීසා නිකුත් කිරීමට නොහැකි බවය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“මම පුද්ගලිකව ගිහිල්ලා මේ අයගෙන් ඉල්ලීමක් කළා මේ E8 කියන වීසා කාණ්ඩය අපිට ලබාදෙන්න කියලා. ඒ අනුව ඔවුන් ලංකාවටත් මේ E8 වීසා කාණ්ඩය ලබා දීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්ත වලින්. අපේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ නගර සභාවකට හෝ පළාත් සභාවකට වෙනත් රටක් සමග ගිවිසුම් ගත වෙන්න බෑ. ඒ නිසා ඒ රට අන්තිමේ දී එකඟ වුණා සමාන්‍ය මට්ටමේ එකඟතාවයකින් බඳවා ගැනීම කරන්න අපි කළ ඉල්ලීමට සවන්දීමක් හැටියට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව සහා පෞද්ගලික විදේශ සේවා ආයතන සමග එක්ක එම කාර්ය සිදුකිරීමට ඔවුන් එකඟ වුණා. නමුත් මැතිවරණයට සති දෙක තුනකට පෙර සිට කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම සහ ක්‍රියා කාලාපය නිසා ඒක අවසාන වශයෙන් ක්‍රියාත්මක කළේ නෑ. දැනටත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කළොත් අලුත් රැකියා දහස් ගණනක් ලබා ගත හැකි අවස්ථාවක්. අපි රජයට කියනවා හරිනි අග්‍රාමාත්‍යවරියට අපි කියනවා මේක නැති කරගන්න එපා. දේශපාලනයෙන් මම තෝරපු අය නෙමෙයිනේ ඉන්නේ ලංකාව වටේම අය ඉන්නේ. ඒ ඕනෑම කෙනෙකුට රට යන්න අවස්ථාව දෙන්න.”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *