Press "Enter" to skip to content

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් 53%ක වාර්තාගත වර්ධනයක් අත්කර ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 පළමු කාර්තුවේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත රක්ෂණ සමාගම බවට පත් වෙමින් සිය ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

රක්ෂණ අංශ ලෙස ගත් කළ 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2023 වසරේ පළමු කාර්තුවේදී ගිනි සහ ඉන්ජිනේරු රක්ෂණ අංශයේ 94%ක වර්ධනයක්ද, වෛද්‍ය රක්ෂණ අංශයේ 354%ක වර්ධනයක්ද, සාමාන්‍ය අනතුරු සහ විවිධ රක්ෂණ අංශයේ 16% වර්ධනයක්ද, මෝටර් නොවන රක්ෂණ අංශයේ 61%ක වර්ධනයක්ද, මෝටර් රක්ෂණ අංශයේ 51%ක වර්ධනයක්ද වාර්තා කිරීමට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් විය.

“සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 පළමු කාර්තුවේදී ලැබූ මෙම වාර්තාගත වර්ධනය සඳහා දායකත්වය සැපයූ අපගේ සියලුම කාර්යය මණ්ඩල සාමාජිකයන්ටත්, අප කෙරෙහි නිරන්තර විශ්වාසය තැබූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත් මේ අවස්ථාවේ මාගේ විශේෂ ස්තූතිය ප්‍රකාශ කරනවා. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ ඉහළ ප්‍රතිලාභ සහිත රක්ෂණාවරණ සහ රක්ෂණ වන්දි හිමිකම් ගැනීමේදී අප ආයතනය පාරිභෝගිකයන්ට දැක්වූ සුහදශීලිතාව, සහනශීලිතාව සහ කාර්යක්ෂම සේවාව අපගේ වර්ධනයට ප්‍රබල පිටිවහලක් වුණා. ඉදිරියේදී මෙම වර්ධනය තව දුරටත් ඉදිරියට රැගෙන යමින් පාරිභෝගිකයන්ට තෘප්තිමත් සේවාවක් සැපයීමට අප ආයතනය අපේක්ෂා කරනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය.

“රක්ෂණ ක්ෂේත%යේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් රැසක් අභිබවා යමින් ඉහළම වර්ධන වේගයක් වාර්තා කිරීමට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට හැකිවීම අප ලැබූ සුවිශේෂ ජයග%හණයක් ලෙස හැඳින්විය හැකියි. සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දෙමින් පාරිභෝගික අවශ්‍යතා මනාව වටහා ගනිමින් රක්ෂණ සේවා සැළසුම් කිරීම හා හඳුන්වා දීම අප ලැබූ මෙම වාර්තාගත වර්ධනයට ප්‍රබල හේතුවක් වුණා. ඉදිරියේදී පාරිභෝගික විශ්වාසය තව දුරටත් තහවුරු කර ගනිමින් මීටත් වඩා ඉහළ මූල්‍ය කාර්ය සාධනයක් අත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *