Press "Enter" to skip to content

මන්ත්‍රී අර්චුනා ප්‍රසිද්ධියේ සමාව ගනියි

යාපනය දිස්ත්‍රික්කයේ අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පසුගිය සතියේ නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අතරතුර තමා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

“මම ඒ ආකාරයෙන් යම් වරදක් කර ඇත්නම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට කැමැතියි. මට ඇත්තටම කණගාටුයි. මම ඒ පුටුවේ ඉඳගෙන කරදර කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. අවාසනාවට ඒක අහම්බයක්.” මන්ත්‍රීවරයා මෙලෙස සමාව ඉල්ලා සිටියේ අද (25) පැවති අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ මගපෙන්වීමේ වැඩසටහනට එක්වෙමිනි.

රාමනාදන් මන්ත්‍රීවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ද සමාව අයැද සිටියේ විපක්ෂ නායකවරයාට අසුන වෙන්කළ බව තමන් මුලින් දැන නොසිටි බව පවසමිනි.

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී තමන් කළ ක්‍රියාව හේතුවෙන් තමන්ට එල්ල වූ බලපෑම හේතුවෙන් දැඩි විවේචනවලට ලක්වූ බවත් පෞද්ගලික ආරක්ෂාව ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී විපක්ෂ නායකවරයාට සම්ප්‍රදායිකව වෙන්කර තිබූ අසුනෙන් ඉවත්වීම මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ අතර ඔහු ජනමාධ්‍ය වෙත වාර්ගික ප්‍රකාශ කිහිපයක් සිදුකළ බවටද වාර්තා විය.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *