Press "Enter" to skip to content

කටුනායකට පැමිණි ගුවන්යානා 06ක් හරවා යවයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 06ක් ආපසු හරවා යවා තිබේ.

ඉන් ගුවන් ගමන් තුනක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත යවා ඇති අතර ඉතිරි ගුවන් ගමන් තුන ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් (තිරුවනන්තපුරම්) ගුවන් තොටුපළ වෙත යොමුකර ඇත.

යාවත්කාලීන කරන ලද ගුවන් ගමන් කාලසටහන් සඳහා ගුවන් සමාගම් සමඟ පරීක්ෂා කරන ලෙස බලධාරීන් මගීන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *