Press "Enter" to skip to content

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට අත්වෙන අලුත්ම ඉරණම

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වෙයි.

අයදුම් කළ අය අතරින් 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව සඳහන් වෙයි.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කිරීම දෙසැම්බර් 03වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලූත් වැඩියා කටයුතු කරමින් සිටීයි.

මෙහි මන්ත‍්‍රීවරුන් එකසිය දහයකට පමණ නිල නිවාස සපයා දීමේ හැකියාවක් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *