Press "Enter" to skip to content

CIPM සිය 7වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (CIPM) හි පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් සහිත ජාතික මානව සම්පත් දත්ත පිළිබඳ පිහිටුවා ඇති කමිටුව මගින් එහි 7 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය CIPM ශ්‍රී ලංකා හි සභාපති කෙන් විජයකුමාර් මහතාගේ සහ සම්මන්ත්‍රණයේ සභාපතිනි මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ ගේ මගපෙන්වීම යටතේ 2023 මැයි මස 25 සහ 26 යන දිනවල “වැඩ අනාගතය පරිවර්තනය කිරීම” තේමාව යටතේ සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. උත්සවය දෙමුහුන් සැසියක් ලෙස පැවැත්විණි.

උත්සවය පහත අංග වලින් සමන්විත විය:

• මණ්ඩල සාකච්ඡාවක්
• තාක්ෂණික සැසි 10 ක්
• “වී ගොවිතැනෙහි තරුණයින් ආකර්ෂණය කර ගැනීම සහ රඳවා ගැනීම. ශ්‍රී ලංකාව සඳහා උපාය මාර්ගික ඉදිරිදර්ශනය සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ” පිළිබඳ ජාතික පර්යේෂණ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම
• සිද්ධි අධ්‍යයන 5ක් ඉදිරිපත් කිරීම

උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස British Academy of Management හි උප සභාපති මහාචාර්ය එමා පැරී සහභාගී වූ අතර ප්‍රධාන දේශකයා ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත දේවසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *