Press "Enter" to skip to content

සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම

අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පැවති රාජ්‍ය තාන්ත්‍රක සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බව විපක්ෂ නායකවරයා පවසා ඇත.

එමෙන්ම පසුගිය කාලය තුළ ජපානය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට තමා ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පවසා තිබේ.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *