Press "Enter" to skip to content

E.B. Creasy Solar, LONGi සූර්ය පැනල සඳහා ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් සමාගම බවට පත්වෙයි

E. B. Creasy & Co., PLC සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් ලෙස සැලකෙන LONGi Green Energy Technology Co., Ltd. (LONGi) සමාගමේ බලයලත් බෙදාහැරීම් නියෝජිත ලෙස පත්කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ තිරසර බලශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බලපාන වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ නව මාදිලියෙන් යුතු LONGi සූර්ය පැනල එකතුව එළිදැක්වීම 2024 නොවැම්බර් 29 දින කොළඹ Marino Beach හිදී සිදුකෙරිණි

මින් ඉදිරියට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට E.B. Creasy Solar වෙතින් LONGi Green Energy Technology Co., Ltd. (LONGi) සමාගමේ සූර්ය පැනල මිලදී ගැනීමට හැකි වනු ඇත. LONGi සූර්ය පැනල ඒවායෙහි විශිෂ්ට ක්‍රියාකාරීත්වය, විශ්වාසනීයත්වය හා නව්‍ය විශේෂාංග සම්බන්ධයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. එමෙන්ම LONGi සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරන බලශක්ති ඒකක ප්‍රමාණය ඉහළ අගයක් ගනී.

මෙම හවුල්කාරීත්වය, දීර්ඝකාලීන සහයෝගීත්වයන් ඔස්සේ ඉහළම ප්‍රමිතියෙන් යුත් නවීන තාක්ෂණයන් මෙරටට හඳුන්වා දීම, ප්‍රජාවන් සවිබල ගැන්වීම, තිරසරත්වය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමට අත්වැලක් වීම යනාදිය සඳහා E.B. Creasy Solar දරන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැක.

E.B. Creasy Solar පිළිබඳව

සිය මවු සමගම වන E.B. Creasy & Co., PLC සමාගමේ ශක්තිය තුළින් පන්නරය ලබන E.B. Creasy Solar, වසර 20 කට අධික කාලයක් පුරා මෙරට පවුල්, ව්‍යාපාර සහ ප්‍රජාවන් වෙනුවෙන් විශිෂ්ටතම සූර්ය බලශක්ති විසඳුම් පිරිනමා තිබේ. 1878 වසරේදී ආරම්භ වූ E.B. Creasy & Co., PLC සමාගම තම ව්‍යාපාර කටයුතුවලදී සෑම විටම විශ්වාසනීයත්වය සහ ආචාරධර්ම ආරක්ෂා කරන සමාගමකි. ලොව පිළිගත් නවතම තාක්ෂණයන් සමගින් තිරසාර පුනර්ජනනීය බලශක්ති විසඳුම් පිරිනමන E.B. Creasy Solar සමාගම සිය නිෂ්පාදන සඳහා වසර 30 ක් දක්වා වගකීම් කාලයක් ලබාදෙයි. මේ නිසාම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පරිසර හිතකාමී සමාගමක් ලෙස ඇගයීමට ලක්වීමට E.B. Creasy Solar සමාගම සමත් වී තිබේ. මෙරට ජනතාවට බලශක්ති විසඳුම් පිරිනැමීම සඳහා UNDP, World Vision Lanka සහ වෙනත් සුප්‍රකට සංවිධාන සමග අත්වැල් බැඳගැනීමටද E.B. Creasy Solar පියවර ගෙන ඇත. සෑම විටම කාබන් ශූන්‍යතාව, කාර්යක්ෂමතාව සහ පරිසර හිතකාමීත්වය ඉලක්ක කරගනිමින්, තාක්ෂණයේ දියුණුව සමග ඉදිරියට යමින්, පාරිභෝගිකයන්ට හිරු මෙන් විශ්වාසනීය සේවාවක් පිරිනැමීම E.B. Creasy Solar සමාගමේ පරමාර්ථයයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *