Press "Enter" to skip to content

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය විසුරුවාහැරීමේදී උණුසුම් තත්ත්වයක්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, උද්ඝෝෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණි.

ඒ, පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරුසේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමිනි.

බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *