Press "Enter" to skip to content

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා

බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ නමුත් බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරන බවය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම මේක සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රෙය් විශාල සහයෝගයක් ඔබට ලැබුණා. නමුත් මේ මොහොත වන විට ඉවත් කරනවායි කියපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියන දේ කරනවානම් මේ මර්දනය නතර කරන්න.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *