Press "Enter" to skip to content

UWE Bristol සමඟ UL Consultants වසර 10ක හවුල්කාරිත්වය සමරයි

එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උපදේශන සමාගමක් වන UL Consultants LTD සහ The University of the West of England සමඟ වසර 10ක හවුල්කාරිත්වය ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පසුගියදා සැමරීය.

ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති UL consultants සිසුන්ට නව්‍ය සහ උසස් තත්වයේ අධ්‍යාපනය සමඟ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ විශ්වාසය දිනාගත් ආයතනයකි. පසුගිය දස වසර තුළ UL consultants සිසුන්ට ගණනාවකටම වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සකසාදී ඇති අතර වෘත්තීය සංවර්ධනය සඳහා උපකාරී වී ඇත.

මෙම සහයෝගීතාවයේ දශකය සනිටුහන් කිරීමේ අවස්ථාවේ දී සුවිශේෂ අධ්‍යාපන ජයග්‍රහණ, නායකත්ව හැකියාවන් ඇති සුදුසුකම් ලත් සිසුන්ට UWE Bristol හි අධ්‍යාපනය හැදෑරීමට විශේෂ ශිෂ්‍යත්වයන් ද ප්‍රදානය කෙරිණි.

සිසුන්ට ලෝක මට්ටමේ අධ්‍යාපනය, පුහුණු අවස්ථා සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයන් සඳහා අවස්ථාව ලබා දීමත් වසර ගණනාවක් පුරා සිදුකිරීමට හැකි වීම පිළිබඳව ආඩම්බර වන අතර UWE Bristol සමඟ වැඩ කිරීමට ලැබීම භාග්‍යයක් බවත් මෙම හවුල්කාරිත්වය තවත් වසර ගණනාවක් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන බවත් ආසියා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂ මහාචාර්ය රේ ප්‍රිස්ට් මහතා පැවසීය.

UWE බ්‍රිස්ටල් හි උපකුලපති මහාචාර්ය ස්ටීව් වෙස්ට්අනයත් මහතා පැවසුවේ “මෙම හවුල්කාරිත්වය ගැන මම සතුටු වෙනවා, UL Consultants සමඟ විශ්ව විද්‍යාලය ක්‍රියා කරන ආකාරය අන් අයටත් ආදර්ශයක්. මෙම හවුල්කාරිත්වය පසුගිය වසර 10 තුළ ඇදහිය නොහැකි තරම් සාර්ථක වී තිබෙනවා. සිසුන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනය සහ වෘත්තීය අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමට මේ ආකාරයෙන් එක්ව වැඩ කිරීමට ලැබීම සැබවින්ම සතුටක්”

බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලය සමඟ 10 වසරක හවුල්කාරිත්වය සැමරීම ගැන ආඩම්බර වන අතර සිසුන්ට එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය හැදෑරීමට ප්‍රවේශය සකසා දීමට හැකි වීමත්, තොරාගත් සුවිශේෂී සිසුන් පිරිසකට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට හැකි වීම පිළිබඳ මා පෞද්ගලිකවම සතුටු වෙන බවත්, මෙම හවුල්කාරිත්වය හරහා සිසුන්ට ලෝක මට්ටමේ අධ්‍යාපනය සහ වෘත්තීය අවස්ථා සඳහා ප්‍රවේශයන් ලබා දීමට අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත් UL Consultants ආයතනයේ ප්‍රධානි උපුල් ලියනගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *