Press "Enter" to skip to content

Clean Sri Lanka වැඩසටහනට කැබිනට් අනුමැතිය

Clean Sri Lanka අරමුදලක් පිහිටුවීමට සහ එහි කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන නව රජයේ දැක්ම අනුව මෙහෙයවනු බලන මෙම පරිවර්තනීය මුල පිරීම සාමාජිය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සාමාජීය, ආධ්‍යාත්මක මෙන්ම පාරිසරික වශයෙන්ද සැලකිය යුතු පසුබෑමකට ලක්වීම සැලකිල්ලට ගෙන මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රමණය තහවුරු කිරීම තුලින් ජාතික අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සිදු කරනු ලබන ජාතික මෙහෙයුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *