Press "Enter" to skip to content

මාස 11ට ඩෙංගු ලෙඩ්ඩු 45,607ක් – මරණත් 22ට නගී

මෙම වසරේ (2024) ගතවූ මාස 11 තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 45,607ක් දක්වා ඉහළ නැග ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 19,571ක් බවත් එම ඒකකය කියයි.

මීට අමතරව උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 19,571 ක් ද, මධ්‍යම පළාතෙන් 4882ක් ද, වයඹ පළාතෙන් 2923ක් ද, දකුණු පළාතෙන් රෝගීන් 3509ක් ද, සබරගමුව පළාතෙන් රෝගීන් 4578ක් ද වාර්තාවූ බව එම ඒකකය කියයි.

පැය 24ට වඩා උණ ඇත්නම් වහාම වෛiවරයකු හමුවට යන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *