Press "Enter" to skip to content

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අද සහ හෙට (06) යන දෙදින තුළ ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිතය.

ලබන වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදුකරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පසුගිය නොවැම්බර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවුණි.

මේ අතර පසුගියදා පැවති ආපදා තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා විසින් සිදුකළ යෝජනාවකට අනුව අදාළ කල්තැබීමේ විවාදය පැවැත්වුණි.

ආපදාවලින් පීඩාවට පත් වන ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *