Press "Enter" to skip to content

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පොසොන් දන්සැල්

අනුබුදු මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් තුන්වසරකට පසු මුළු දිවයිනම පොසොන් සිරියෙන් ඒකාලෝකමත් විය. දිවයින පුරා පිහිටි රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවෙන් දාන, සීල, භාවනා, ධර්ම දේශනා, දානමය පුණ්‍ය කර්ම, භක්ති ගීත වැඩසටහන්, ආලෝක පූජා ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් ද ඒ වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමයන්හි ඉදිරියෙන්ම සිටින රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂ්වරන්ස් ආයතනය ද තම පරිත්‍යාගශීලීත්වය හා සැදැහැවත් බව යලි යලිත් පසක් කරමින් දිවයිනේ පිහිටි ශාඛා රැසක් මඟින් දන්සැල් රැසක් සංවිධානය කොට තිබුණු අතර කළුතර, දිවුලපිටිය, වෙන්නප්පුව, මාවනැල්ල හා පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි ශාඛා මූලිකත්වයෙන් පසුගිය 4 වෙනි දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරමින් ඉතාමත් ආරක්ෂිතව සංවිධානය කොට තිබුණි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර 3ක් අඛණ්ඩව දන්සල් සහ පොසොන් විචිත්‍රත්වය නිසි අයුරින් පැවැත්වීමට වාතාවරණයක් නොවීම හේතුවෙන් මෙවර පොසොන් උත්සවය ඉතා ඉහළින් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබුණු අතර දිවයිනේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකරමින් ශ්‍රී ලංකේය ජනතාවගේ රක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් ඇපකැප වෙමින් සිටියි.

 

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *