Press "Enter" to skip to content

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම්

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බවය.

“විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදා ගැනීම අපි ජනවාරි 01 වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය බලාත්මක කිරීමට සියලු කටයුතු අපි යොදලා ඉවරයි.

මොකද පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි 01 වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *