Press "Enter" to skip to content

ඩොනල්ඩ් ට්‍රම්ප් හා විලියම් කුමරු හමුවක්

ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු විය.

මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සනිටුහන් කිරීමට විලියම් කුමරු ප්‍රංශයේ අනෙකුත් ලෝක නායකයින් සමඟ එක් විය.

උත්සවයේදී අතට අත දීමෙන් පසුව, විලියම් කුමරු සහ ට්‍රම්ප් මුණගැසුණු අතර, තේරී පත් වූ ජනාධිපතිවරයා කුමරු “හොඳ මිනිසෙක්” ලෙස “අපූරු කාර්යයක් සිදු කරන අයෙක් ” ලෙස විස්තර කළේය.

විලියම් සහ ට්‍රම්ප් පැරිසියේ බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ නිවසේදී මෙම හමුව සිදුව ඇත. ට්‍රම්ප් පැමිණෙන විට විලියම් කුමාරයා සිට ඇත්තේ ආලින්දයේය. ට්‍රම්ප්, වේල්ස් කුමරුට සංඥා කර ඔහුට අතට අත දී ඇති බව සදහන් වේ.

කෙන්සිංටන් මාලිගය මෙම හමුව සදහන් කර ඇත්තේ “උණුසුම් සහ මිත්‍රශීලී” හමුවීමක් ලෙසය.

ඔවුන් දෙදෙනා මෙම හමුවේ දී ගෝලීය ගැටලු රාශියක් සාකච්ඡා කර ඇති අතර බ්‍රිතාන්‍යය සහ අමෙරිකා විශේෂ සම්බන්ධතාවයේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තේරී පත් වූ ජනාධිපතිවරයා දිවංගත රැජින පිළිබඳ සොදුරු හා ප්‍රියජනක මතකයන් කිහිපයක් එහි දී බෙදාහදා ගත් අතර ඒ සඳහා කුමාරයා “අතිශයින්ම කෘතඥ වෙනවා” යැයි පවසා ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *