රෝහල්වල ඖෂධ 300ක හිඟයක් මීට පෙර තිබුණත් මේ වනවිට ඇත්තේ ඖෂධ 150ක පමණ හිඟයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවසීය.
රෝහල් තුළ දැඩි ඖෂධ හිඟයක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනත් මාධ්‍යවේදියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.
රෝහල්වල ඖෂධ හිඟතාවයන් සම්බන්ධයෙන් මේ වනවිටත් තොරතුරු ලැබී ඇතැයි ද ඒ මහතා කීය.
සමහර රෝහල්වලින් දැනටමත් හිඟ ඖෂධ පිළිබඳ ලිස්ට් එවා ඇති බව ද ඒ මහතා කියා සිටියේය.
රෝහල්වල ඖෂධ හිඟතාවයන් ඇත්නම් ඒ පිළිබඳව තමාව දැනුවත් කරන ලෙස සියලු රෝහල්වල බලධාරීන්ගෙන් ඒ මහතා ඉල්ලා සිටියේය.
එසේම, ජනතාවට වුවත් රෝහල් තුළ ඖෂධ නොමැතිනම් තමාව දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
ඇස් රෝහලේ යම් යම් ඖෂධ හිඟතාවයන් ඇති බවට මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ ඒ ගැන සොයා බලන බව හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Be First to Comment