Press "Enter" to skip to content

2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බවය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීම සඳහා විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් 5 වන දා සිට 30 වනදා තෙක් කාලය ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

“මම සියලූම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා පාසල් අපේක්ෂකයින්ගෙන් හා පෞද්ගලික අපේක්ෂකයින්ගෙන් අද දිනය ඇතුළත තමන්ගේ අයඳුම්පත් යොමු කරන්න. මොකද කිසිදු හේතුවක් නිසා අද දින මධ්‍යම රාත්‍රී 12න් පසුව අයඳුම්පත්‍ර භාරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මම තදින්ම අවධාරණය කරනවා මේ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන යම් අයෙක් වේනම් රාත්‍රී 12ට පෙර ඔබගේ අයඳුම්පත මාර්ගගත ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *