Press "Enter" to skip to content

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ නවතම ශාඛාව කිරිබත්ගොඩදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් සිය 79 වැනි ශාකාව කිරිබත්ගොඩ නගරයේදී විවෘත කරන ලදී. අංක. 107‚ මාකොළ පාර‚ කිරිබත්ගොඩ ලිපිනයේ පිහිටි මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා‚ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා‚ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) ඩිලාන් ගුණරත්න මහතා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුලු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

“වර්තමානයේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපොළේ 1%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියනවා. එය තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් අපගේ ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. වත්තල නගරයේ මීළඟ ශාඛාව පිහිටුවීමට අපේක්ෂා කරනවා.” සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය. “අපගේ ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබගේ සාමාන්‍ය රක්ෂණ අවශ්‍යතා ඉටු කර ගැනීමට අප සමග එකතු වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනවා.” ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා මහතා පැවසීය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2019දී ඇරැඹූ අතර සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53%ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා කෙටි කාලයකින් රක්ෂණ ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දෙන රක්ෂණ සැළැසුම් හා පාරිභෝගිකයන්ට සපයන විශිෂ්ට සේවයයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *