එකමුතුභාවය පිළිබඳ ශක්තිමත් පණිවිඩයක් ලබා දෙමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑත කාලීන ගංවතුරෙන් අවතැන් වූ සහ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් උතුරු පළාතේ ජනතාවට සහනාධාර ලබා දෙන ලදී. මහ කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනාරාල් ශ්‍රී සායි මුරලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා විසින් දෙසැම්බර් 7 වන දින මෙම සහනාධාර බෙදා දෙන ලදී.
2. මේ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ පේසාලෙයි සහ වෙල්ලන්කුලම් ගම්මානයන්හි සහ මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි සහ මන්තායි නැගෙනහිර ප්‍රදේශයන්හි පවුල් 2,100කට පමණ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙන ලදී. මෙම අසීරු කාලයේ පවුල් සඳහා අවශ්‍ය වන පැදුරු සහ පොරවන රෙදි සහනාධාර පැකේජයට ඇතුළත් විය.
3. මෙම සහයෝගය ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දැක්ම පිළිඹිබු කරයි. ඉන්දියාව සිය අසල්වැසි රාජ්‍යයන්ට අවැසි මොහොතේදී ඔවුන් හා රැඳී සිටිමින් පීඩාවට පත් ප්‍රජාවන්ට කාලීන සහ ඵලදායි සහන සහතික කිරීමට කැප වී සිටියි.
Be First to Comment