Press "Enter" to skip to content

යාපනයේ හඳුනානොගත් උණ රෝගයෙන් මිය ගිය පිරිස ඉහළට

යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පැවසීය.

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන් මෙම රෝගීන් පිරිස ජීවිතක්ෂයට පත්වූ බවය.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ රෝගය මී උණ බවට සැක කරන නමුත් ඒ සම්බන්ධව අවසන් නිගමනයන් සඳහා අදාළ රෝගීන්ගේ රුධිර සාම්පල කොළඹට යවා ඇතැයි බවය.

මින් පෙර මෙම උණ රෝගයෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියගොස් ඇති පිරිස අවුරුදු 20-65ත් අතර වයසේ පසුවනන් ද වේ.

මේ අතර අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේද මේ සම්බන්ධව කරුණු අනාවරණය විය.

එම මාධ්‍ය හමුවට එක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවේ මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *