Press "Enter" to skip to content

ලංකාවේ දෙදෙනකුට සම්බාධක පැනවූ හේතුව අමෙ­රි­කානු තානා­ප­තිනි මල්වතු මහ­නා­හි­මිට කියයි

පසු­ගිය රජය සමයේ ඉහළ තන­තුරු හෙබවූ ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­න­කුට හා ඔවුන්ගේ පවු­ල්වල උද­වි­යට අමෙ­රි­කාවේ රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව සම්බා­ධක පැන­වී­මට තීර­ණය කළේ දූෂණ මැඬ­පැ­වැ­ත්වීමේ ක්‍රියා­මා­ර්ග­යක් ලෙස යැයි ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පතිනි ජුලී චන්ග් මහ­ත්මිය මල්වතු මහා­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ හමුවේ පැව­සු­වාය.

පැවැති රජයේ ප්‍රබ­ල­යන් දෙදෙ­න­කුට ඇමෙ­රි­කා­වට ඇතුළු වීම තහ­නම් කර තිබෙන බවට දැක්වෙන මාධ්‍ය වාර්තා සම්බ­න්ධ­යෙන් මල්වතු මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හි­මි­යන් කරුණු විමසූ අව­ස්ථාවේ අමෙ­රි­කානු තානා­ප­ති­නිය මේ බව කීවාය.

ජුලී චන්ග් මහ­ත්මිය ඊයේ (11) පස්ව­රුවේ මල්වතු මහා විහා­ර­යට ගොස් මල්වතු මහා­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ බැහැ­දැක අමෙ­රි­කාව මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියා­ත්මක කරන ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් උන් වහන්සේ දැනු­වත් කළාය.

අමෙ­රි­කානු රජය මඟින් සම්බා­ධක පනවා තිබෙන ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­නාට දූෂණ චෝදනා එල්ල වී තිබුණු බවත් වස­රක පමණ කාල­යක් තිස්සේ ඒ සම්බ­න්ධ­යෙක් කළ සොයා බැලී­ම්ව­ලින් පසුව අදාළ තීර­ණ­යට එළැඹි බවත් ඇය අව­ධා­ර­ණය කළාය.

මේ වන විට විශ්වා­සය තැබිය හැකි හොඳ ආණ්ඩු­වක් බල­යට පැමිණ තිබෙන බැවින් අමෙ­රි­කානු රජයේ සහාය පෙරට වඩා වත්මන් රජ­යට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව මෙහිදී මල්වතු මහ­නා­මියෝ පැව­සූහ.

වත්මන් ජන­ප­ති­ව­රයා විශාල ජන­ව­ර­ම­කින් බල­යට පැමිණි බවත් පාර්ලි­මේ­න්තුව තුළ ද ජාතික ජන බල­වේ­ග­යට විශාල බල­යක් තිබෙන බවත් කී අමෙ­රි­කානු තානා­ප­ති­නිය බලයේ සිටි සෑම රජ­යක් සමඟ අමෙ­රි­කාව සහ­යෝ­ග­යෙන් කට­යුතු කළේ යැයි ද පැව­සු­වාය.

වංචාව හා දූෂ­ණය පිටු­දැ­කීම සඳහා ජන­පති ප්‍රමුඛ වත්මන් රජය ගෙන­යන වැඩ­පි­ළි­වෙළ සඳහා අමෙ­රි­කාව උප­රිම සහාය ලබා­දෙන බව ද ඇය කීවාය.

වැස්ස හේතු­වෙන් ගොවීන්ගේ වගා විනාශ වී තිබෙන බවත් ඇතැම් අයගේ නිවාස පවා සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී තිබෙන බවත් කී මල්වතු මහ­නා­හි­මියෝ ඔවුන් සඳහා යම් ආකා­ර­ය­කින් සරණ වීමේ හැකි­යා­වක් තිබේ­දැයි තානා­ප­ති­නි­ය­ගෙන් විම­සූහ.

ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා කෘෂි­ක­ර්මා­න්තය සඳහා තාක්ෂ­ණික අංශයේ සහාය අමෙ­රි­කානු රජ­යෙන් අපේක්ෂා කරන බවත් ඒ සඳහා ක්‍රියා­මාර්ග ගන්නා බවත් තානා­ප­ති­නිය කීවාය.

ආර්ථික අර්බු­දය ඇති වූ අව­ස්ථාවේ ගොවීන්ට අවශ්‍ය පොහොර දීමට අමෙ­රි­කාව කට­යුතු කළ බවත් ග්‍රාමීය පාසල් දරු­වන්ට දිවා ආහා­රය දීමේ වැඩ­පි­ළි­වෙළ නාග­රික පාසල් දරු­වන් වෙත ද ව්‍යාප්ත කිරී­මට අපේක්ෂා කරන බවත් ජුලී චන්ග් මහ­ත්මිය පැව­සු­වාය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *