Press "Enter" to skip to content

රටවිරු­වන්ට දුන් වාහන සහ­න­යෙන් මිලි­යන 1384ක බදු ආදා­යම් අහිමි වෙයි

විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන්ට විදත් වාහ­න­යක් ගෙන්වී­මට අව­ස්ථාව සැලසූ යෝජනා ක්‍රමය යටතේ මෙර­ටට ආන­ය­නය කළ වාහන 510ක් සඳහා සුඛෝ­ප­භෝගී බදු නිද­හස් සීමාව රුපි­යල් මිලි­යන 06 සිට රුපි­යල් මිලි­යන 12 දක්වා ඉහළ දැමීම මඟින් රජ­යට රුපි­යල් මිලි­යන 1384ක බදු ආදා­ය­මක් අහි­මිව ඇතැයි ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ නව­තම වාර්තා­වක දැක්වෙයි.

විදේ­ශ­ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­ය­න්ගෙන් ලංකා­වට ලැබෙන ප්‍රේෂණ ඉහළ නැංවීමේ අර­මු­ණින් එවන ලද ප්‍රේෂණ මත පද­නම්ව විද්‍යුත් වාහ­න­යක් ආන­ය­නය කිරීම සඳහා බල­ප­ත්‍ර­යක් ලබා­දී­මට කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශය 2022 වර්ෂයේ ආරම්භ කළ යෝජනා ක්‍රමය පිළි­බඳ ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ විශේෂ විග­ණන වාර්තාවේ මේ බව සඳ­හන් කර ඇත.

ඒ අනුව, වාහන ආන­ය­නය තාව­කා­ලි­කව අත්හි­ටුවා තිබූ අව­ස්ථා­වක විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් දිරි­ගැ­න්වීමේ අර­මු­ණින් විද්‍යුත් වාහ­න­යක් ආන­ය­න­යට අව­ස්ථාව දීමත් ආන­ය­නය කරන වාහ­නය මත අය කරන සුඛෝ­ප­භෝගී බදු නිද­හස් සීමාව රුපි­යල් මිලි­යන 6 සිට රුපි­යල් මිලි­යන 12 දක්වා ඉහළ නැංවී­මත් මෙම යෝජනා ක්‍රමය යටතේ සිදු කර තිබිණි.

කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශ­යෙන් ලද තොර­තුරු අනුව යෝජනා ක්‍රමය යටතේ 2022 සැප්තැ­ම්බර් මස 22 වැනිදා සිට 2024 ජූනි මස 30 වැනිදා දක්වා කාලය තුළ බල­පත්‍ර 1077 නිකුත් කර ඇති අතර එයින් බල­පත්‍ර 77ක් අව­ලංගු කර ඇත.

2024 ජූනි මස 30 වැනි දින සිට වලංගු බල­පත්‍ර 1000 අතු­රින් බල­පත්‍ර 510ට අදා­ළව පම­ණක් වාහන ආන­ය­නය කිරී­මට අදාළ බල­ප­ත්‍ර­ලා­භීන් කට­යුතු කර ඇත. මෝටර් රථ කොම­සා­රිස් ජන­රාල් කාර්යා­ලයේ එදි­නට අදා­ළව ආන­ය­නික වාහ­න­ව­ලින් 375ක් පම­ණක් ලියා­ප­දිංචි කර ඇති බව ද එහි සඳ­හන් වේ.

2024 ජූනි 30 වැනි දින වන විට අමෙ­රි­කානු ඩොලර් 121,505,640ක් වූ විදේශ ප්‍රේෂණ යෝජනා ක්‍රමය යටතේ බල­ප­ත්‍ර­ලා­භීන්ගේ බැංකු වෙත ලැබී ඇති අතර ආන­ය­නික වාහන 510කට අදා­ළව අමෙ­රි­කානු ඩොලර් 24,100,757ක් විදේශ වෙත ප්‍රේෂ­ණය කර තිබිණි.

මෙම බල­පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලිය සම්බ­න්ධ­යෙන් මූලික හා අත්‍ය­වශ්‍ය තොර­තුරු විධි­මත් අභ්‍ය­න්තර පාලන ක්‍රම­වේද යටතේ පිළි­ගත හැකි පරිදි ලේඛ­න­ගත කිරීමේ ක්‍රම­වේ­ද­යක් කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශය අනු­ග­ම­නය නොකි­රීම හේතු­වෙන් සහ බල­පත්‍ර නිකුත් කිරී­මට අදා­ළව අය­දු­ම්පත් භාර ගැනීම, පරීක්ෂා කිරීම, බල­පත්‍ර නිකුත් කිරීම, අව­ලංගු කිරීම ඇතුළු සියලු කරුණු කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් කීප­දෙ­නකු විසින් අක්‍ර­ම­වත් පරිදි සිදු කර තිබීම හේතු­වෙන් ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මේදී බර­ප­තළ ලෙස විනි­වි­ද­භා­වය කඩ­කර තිබුණු බව විග­ණ­න­යෙන් නිරී­ක්ෂ­ණය වී ඇත.

තවද සහ­න­දායී තීරු­බදු බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් දැනට ක්‍රියා­ත්මක රජයේ අධි­කාරී ආය­ත­නය වන මහා භාණ්ඩා­ගා­රයේ වෙළෙඳ හා ආයෝ­ජන ප්‍රති­පත්ති දෙපා­ර්ත­මේ­න්තුව හෝ මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මේදී බල­පත්‍ර නිකුත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය දී තිබූ ආන­යන අප­න­යන පාලක වෙත එම කට­යුතු පැව­රී­ම­කින් තොරව කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශයේ ලේකම් විසින් එම කට­යුතු පවරා ගැනීම තුළින් අධි­කාරි බලය අව­භා­විත කිරීම හා පැව­තිය යුතු යහ­පත් අභ්‍ය­න්තර පාලන ක්‍රම­වේද නොස­ලකා හැරී­මක් කර ඇතැයි ද එහි සඳ­හන් වෙයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ බල­ප­ත්‍ර­යක් ගැනී­මට නම් 2022 මැයි මස 01 වැනිදා සිට 2023 සැප්තැ­ම්බර් මස 15 වැනිදා දක්වා කාල­ප­රි­ච්ඡේ­දය තුළ විදේශ රටක සේවා නියුක්ත වී සිටීමේ කොන්දේ­සිය සපු­රා­ලිය යුතු වුවත් එලෙස තහ­වුරු කර ගැනීමේ ක්‍රම­වේ­ද­යක් අමා­ත්‍යාං­ශය මඟින් අනු­ග­ම­නය කර නැතැයි ද ස්වාධීන විග­ණන පරී­ක්ෂා­ව­ලදී විදේ­ශ­ගත වූ බවට තහ­වුරු නොවූ පුද්ග­ල­යන් 04 දෙනකු වෙනු­වෙන් ද අදාළ නීති රීති රෙගු­ලාසි නොස­ලකා විද්‍යුත් වාහන ආන­යන බල­පත නිකුත් කිරී­මට අමා­ත්‍යාං­ශයේ කට­යුතු කර ඇතැයි ද විග­ණ­න­යෙන් තහ­වුරු වූ බව සඳ­හන් වේ.

මෙම පුද්ග­ල­යන් 04 දෙනාගේ බැංකු ගිණු­ම්ව­ලට සමා­ලෝ­චිත කාල­ප­රි­ච්ඡේ­දය තුළ අමෙ­රි­කානු ඩොලර් 445,942ක විදේශ ප්‍රේෂණ ලැබී තිබුණ ද විදේ­ශ­ගත නොවූ පුද්ග­ල­යන්ගේ බැංකු ගිණුම් සඳහා ලැබී තිබුණු මෙම විදේශ මුදල් ප්‍රේෂණ ලැබී ඇත්තේ මුදල් විශු­ද්ධි­ක­ර­ණය මඟින් හෝ වෙනත් අනී­තික ආකා­ර­ය­කින් නොවන බවට තහ­වුරු කර ගැනී­මට අමා­ත්‍යාං­ශය කට­යුතු කර නැත.

මෙම විද්‍යුත් වාහන බල­ප­ත්‍ර­යක හිමි­කම ලැබී­මට විදේ­ශ­ගත වී සිටිය යුතු අවම නිශ්චිත කාල­සී­මා­වන් පිළි­බඳ අදාළ චක්‍ර­ලේ­ඛය මඟින් නිශ්චය කර තිබී නැති අතර දින 03 සිට මාස 03 දක්වා වූ කෙටි කාල­ප­රි­ච්ඡේ­ද­යක් තුළ විදේ­ශ­ග­තව සිට පැමිණි පුද්ග­ල­යන්ට හා කඩින් කඩ විදේ­ශ­ගත වූ පුද්ග­ල­යන් සඳහා ද මෙම යෝජනා ක්‍රමය යටතේ බල­පත්‍ර ලබා­දී­මට කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශය මඟින් කට­යුතු කර ඇත.

මේ අනුව සලකා බලන ලද කාල­සී­මාව තුළ බැංකු ගිණු­ම්ව­ලට කවර ආකා­ර­ය­කින් හෝ ලැබී ඇති ප්‍රේෂණ මුදල පිළි­බඳ පම­ණක් අව­ධා­නය යොමු කර­මින් වාහන බල­පත්‍ර නිකුත් කිරී­මට අමා­ත්‍යාං­ශය කට­යුතු කර ඇති බව ද විග­ණන වාර්තා­වෙන් පෙන්වා දෙයි.

කැබි­නට් අනු­මැ­ති­යක් හෝ මුදල් අමා­ත්‍යාං­ශයේ නිර්දේ­ශ­ය­කින් තොරව යෝජනා ක්‍රමය යටතේ බල­ප­ත්‍ර­ලා­භීන් සඳහා වාහන ආන­ය­නය කිරී­මට පහ­සු­කම් සප­යන ආන­ය­න­ක­රු­වන් ලෙස කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශය ලියා­ප­දිංචි කළ ආය­තන දෙකක් බල­ප­ත්‍ර­ලා­භීන් 640ක් සඳහා පහ­සු­කම් සප­යන ආන­ය­න­කරු ලෙස කට­යුතු කර තිබුණ ද වාහන ආන­යන කට­යුතු වෙනත් පාර්ශ්ව මඟින් සිදු කර තිබුණු හෙයින් මෙම ලියා­ප­දිංචි කර ඇති ආය­තන සඳහා අත­ර­මැදි ව්‍යාපා­රික අව­ස්ථා­වක් මෙම යෝජනා ක්‍රමය යට­තේම නිර්මා­ණය කර ඇතැයි ද නිරී­ක්ෂ­ණය වී ඇත.

යෝජනා ක්‍රමය යටතේ ආන­ය­නය කර තිබූ වාහන 510 සඳහා පම­ණක් සුඛෝ­ප­භෝගී බදු නිද­හස් සීමාව රුපි­යල් මිලි­යන 6 සිට රුපි­යල් මිලි­යන 12 දක්වා ඉහළ දැමීම හේතු­වෙන් විග­ණ­නයේ ගණ­නය කිරීම් අනුව අය­ක­ර­ගත හැකිව තිබුණු රුපි­යල් මිලි­යන 1384ක බදු ආදා­ය­මක් රජ­යට අහිමි වී තිබුණු බව ද නිරී­ක්ෂ­ණය වී ඇත.

තවද මෙම බල­පත්‍ර මත ආන­ය­නය කරන වාහ­න­යක් පිරි­වැය, රක්ෂ­ණය හා භාණ්ඩ ප්‍රවා­හන (CIF) වටි­නා­ක­මින් සිය­යට 10 බද්දක් ගෙවා වෙනත් පාර්ශ්ව­ය­කට පැව­රී­මට අව­ස්ථාව දී තිබුණ ද මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා­ගන්නා ලද විස්තර අනුව වෙනත් පාර්ශ්ව­යන්ට පවරා තිබූ වාහන 6කට රුපි­යල් මිලි­යන 12.8ක් වූ පැව­රුම් බදු ගෙවූ බව විග­ණ­න­යෙන් තහ­වුරු වී නැත.

විග­ණන පරී­ක්ෂා­වේදී නිරී­ක්ෂ­ණය වූ ප්‍රධාන කරුණු වූ අමාත්‍ය මණ්ඩල අනු­මැ­ති­ය­ලත් කමිටු වාර්තා­වෙහි දක්වා තිබූ වාහන ආන­ය­න­යට අදාළ 2022 අගෝස්තු මස 31 දිනැති අංක 2/2022 දරන චක්‍ර­ලේ­ඛය නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් අදාළ බල­ධා­රීන්ට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනී­මත් අදාළ කාලය තුළ විදේ­ශ­ගත වූ බවට තහ­වුරු කර නොගෙන හා නිශ්චිත වශ­යෙන්ම විදේශ ශ්‍රමි­ක­යකු බවට තහ­වුරු කර නොගත් පුද්ග­ල­යන්ට බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂා­වන් සිදු කර යම් අක්‍ර­මි­ක­තා­වක් සිදු වී හෝ කර ඇත්නම් ඒ සඳහා වග­කි­ව­යුතු පාර්ශ්ව­යන්ට එරෙ­හිව නෛතික ක්‍රියා­මාර්ග ගැනී­ම­ටත් රජ­යට සිදුව ඇති අලා­භ­යන් අය­කර ගැනී­මට ක්‍රියා­මාර්ග ගැනී­මත්, අදාළ කාල­ප­රි­ච්ඡේ­දය තුළ බල­ප­ත්‍ර­ලාභී විග­ම­නික ශ්‍රමි­ක­යන් බැංකු ගිණුම් තුළට විදේශ මුදල් ප්‍රේෂ­ණය කිරී­මේදී ඒ තුළ මුදල් විශු­ද්ධි­ක­ර­ණ­යක් හෝ වෙනත් අක්‍ර­මි­ක­තා­වක් වී තිබේ ද යන්න තහ­වුරු කර ගැනී­ම­ටත් ප්‍රති­ක්ෂේ­පිත බල­පත්‍ර ද ඇතු­ළත්ව නිකුත් කරන ලද බල­පත්‍ර 1,077ට අදාළ බැංකු ගිණුම් තොර­තුරු මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය මඟින් පරීක්ෂා කිරී­මත් ඇතුළු නිර්දේශ දහ­යක් මෙම විග­ණන වාර්තා­වෙන් දක්වා තිබේ.

රන්මලී සෝම­සිරි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *