Press "Enter" to skip to content

දුම්රිය සේවය දියුණු කිරීමට විශේෂ අවධානයක්

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

දුම්රිය මූලස්ථානයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන බවය.

මේ අතර දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය දෝෂ වළක්වා ගැනීමට අවධානය යොමුවී ඇති බවත්, දුම්රිය සේවය දියුණු කරගැනීම වෙනුවෙන් මේ වනවිට අයවැය යෝජනා ද ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මරදාන දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඔහු ඒ බව පැවසීය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ කොළඹ වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ රජයේ ප්‍රධානම ඉලක්කය වරායේ නැගෙනහිර පර්යන්තය ලබන වසරේ ජුනි මස 30 වනදා වන විට සකස්කර නිමාකිරීම බවය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *