Press "Enter" to skip to content

සුපිරි තරු ජස්ටින්ගේ සෞඛ්‍ය තත්තවය නරක අතට

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්.

ඔහුට මේ වගේ කරදරයක් වෙලා කියලා එයා ගැන අවදානයෙන් ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති.

ඒත් ඒ නිසා ඔහුට මේ වගේ ඉරණමක් අත්වෙලා ඇති කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.  2022 වර්ෂයේදී රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය හෙවත් මුහුණේ අර්ධයක අංශභාග තත්ත්වයට බීබර් ගොදුරු වෙනවා..

මේ ස්නායු ආබාධය නිසා ඔහුගේ වැඩ කටයුතු යම්තාක් දුරකට අඩාල වුණා කිව්වොත් හරි.

ඒ විත‍රක් නෙවෙයි, ජන්ස්ටින් බීබර් පසුව සුවය ලබා නැවතත් සුපුරුදු පරිදි ප්‍රසංගවලට එකතු වුණත්, කෙටි කලකින් නැවත අසනීප තත්ත්වයට බීබර් ගොදුරු වුණා.

ඒ නිසා 2022-2023 අතර කාලසීමාවේදී ඔහුට “Justise World Tour” සංගීත ප්‍රසංගවලට සහභාගී වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

කොහොම වුණත්, ඔහුගේ මේ අසනීප තත්ව වෙනුවෙන් දැරීමට සිදුවෙන අධික වියදම් සහ එක දිගට පවතින සෞඛ්‍ය ගැටලු හේතුවෙන් බීබර්ගේ ධනය ටිකෙක් ටික අඩු වෙන බවයි වාර්තා වෙන්නේ. එසේම ඔහුගේ මෑත කාලීන පෙනුම ගැනත් ඔහුගේ රසිකයන් අතර ඇත්තේ කනස්සල්ලක් බවයි වාර්තා වෙන්නේ.

More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *