Press "Enter" to skip to content

පුරප්පාඩු වූ කථානායක තනතුරට සිදුවන දේ

අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි.

එළැඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එදින නව කථානායකවරයෙකු පත්කර ගැනීමට අදාළ නාම යෝජනා ඉදිරිපත්කළ යුතු බව සඳහන් වේ.

මේ අතර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය වන බව මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

ඔහු පැවසුවේ අදාළ ඉල්ලා අස්වීමේ නිවේදනය කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත හෝ ජනාධිපතිවරයා වෙත ලබා දිය හැකි බවය.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමෙන් පසු ජනාධිපතිවරයාට කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධව තීරණයක් ගත හැකි බවත් ඔහු පැවසීය.

යම් අයුරකින් ජනාධිපතිවරයා විසින් කථානායකවරයාගේ ඉල්ලා අස්වීම භාර ගන්නේ නම් නැවත පාර්ලිමේන්තුවෙන් නව කථානායකවරයෙක් තෝරා පත් කර ගත යුතු අතර එය සාමාන්‍ය නීතිය යටතේ ඡන්දයකින් හෝ නාමයෝජනාවකින් එම පත්වීම තෝරාගත හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *