Press "Enter" to skip to content

නීත්‍යානුකූලව ආනයනය කළ වාහන සොයා ගැනීමට මාර්ගගත ප්‍රවේශයක්

ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණ වීමේ තත්ත්වයක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව විමර්ෂනයක් ආරම්භ කර තිබේ.

රජයට අයවිය යුතු රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කළ බව කියන මෙම වාහන අතුරින් හඳුනාගත් වාහන සම්බන්ධයෙන් නීත්‍යානුකූල කටයුතු සිදුකරමින් පවතින බවද එම කොමිෂන් සභාව පවසයි.

එවැනි වාහන විමර්ශන සඳහා කොමිෂන් සභාව භාරයට ගෙන වැඩිදුර විමර්ෂන සිදුකර අයවිය යුතු රේගු බදු හා වෙනත් ගාස්තු අයකර ගැනීම පිණිස ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී තිබේ.

එහිදී අදාළ වාහනවල දෙවන හෝ ඊට පසු අවස්ථාවන්වල පැවරීම්ලාභීන් දැඩි අපහසුතා හා දුෂ්කරතාවන්ට පත්වන බවත් නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව මීට පිළියමක් ලෙස නිර්ව්‍යාජ ගැනුම්කරුවෙකු වාහනයක් මිලදී ගැනීමට පෙර එම වාහනය සඳහා නිසි පරිදි ආනයනික තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු කරගැනීමට මාර්ගගව සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සහස් කර දෙන ලෙස කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත මාර්ගෝපදේශ ලබා දී තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස රේගුව විසින් මාර්ගගත ද්වාරයක් හඳුන්වා දී ඇති අතර මේ තුළින් කිසියම් තැනැත්තෙකු විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව ආනයනය කර නිසි පරිදි රේගු බදු ගෙවා ඇත්දැයි යන්න අවස්ථාව උදා කර තිබේ.

ඒ අනුව පහත සඳහන් සබැඳිය වෙත පිවිස තමන් සතු හෝ තමන් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය නීත්‍යානුකූලව ආනයනය කර ඇත්දැයි දැනගැනීමේ අවස්ථාව උදාකර ඇතැයිද අල්ලස් හෝ දූශණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම නිවේදනයේ දක්වා තිබේ.

https://services.customs.gov.lk/vehicles

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *