මාර්තු මස 8 වෙනි දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පී. එල්. සී ආයතනය වෙළඳපළට හඳුන්වා දුන් “ළබැඳි රන් වාසි” රක්ෂණාවරණය යටතේ සිදුකළ දෙවන මාසික දිනුම් ඇදීමෙන් තෝරාගත් දෙවන ජයග්‍රාහිකාව කටාන ප්‍රදේශයෙන් බිහිවිය.
කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණු මෙම රක්ෂණාවරණය යටතේ සෑම මසක් පාසාම දිනුම් ඇදීමක් සිදුකරන අතර ඒ දිනුම් අදීම ඔස්සේ “ළබැඳි රන් වාසි” රක්ෂණාවරණයට හිමිකම් කියන කාන්තාවන් අතරින් ජයග්‍රාහිකාවක් තෝරා ගෙන ඇයට රන් පෙන්ඩනය බැගින් තිලිණි කිරීමට නියමිත ය. ඒ අනුව පළමු ජයග්‍රාහනය මාර්තු මස නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වූ අතර අප්‍රේල් මාසයේ සිදුකෙරුණු දෙවන වටයේ දිනුම් ඇඳීමෙන් ජයග්‍රාහිකාව කටාන ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියක වන ඉනෝකා ලක්මාලි කොස්තා මහත්මියට හිමිවිය.
මේ පිළිබඳව අදහස් දක්වන ජයග්‍රාහිකාව වන ඉනෝකා ලක්මාලි මහත්මිය පවසා සිටින්නේ, “අපි සහභාගීවුණ පෙර පාසල් ගුරුවරුන්ගේ වැඩසටහනකදි තමයි මම මුලින්ම “ළබැඳි රන් වාසි” රක්ෂණාවරණයේ දිනුම් ඇදීම පිළිබඳව දැනගන්නේ. නමුත් මම එහි ජයග්‍රාහිකාවක් වෙයි කියලා හිතුවේ නැහැ. ඇත්තටම සතුටුයි. මම ස්තූතිවන්ත වෙනවා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයට මාව තෝරාගැනීම පිළිබඳව. ඒ වගේම මම සතුටුවෙනවා අහම්බයෙන් හරි මට මේ වටිනා ආයෝජනය මගේ පවුල වෙනුවෙන් ලබාගැනීමට හැකිවීම පිළිබඳව. එමනිසා මම අනිත් හැමෝටම කියන්නේ එන්න, ඇවිත් ‘ළබැඳි රන්වාසි’ සමඟ එකතු වෙලා මේ ජග්‍රහනය හෙට ඔබේ කරගන්න කියලා.” යනුවෙනි.
මෙම ජයග්‍රහනය සඳහා රන් පෙන්ඩන්ට් ලබාදීම සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර මෙහි විශේෂත්වය වන්නේ රන් පෙන්ඩන්ට් ලබාදීම සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ කිරිවන්දෙණිය මැතිතුමා අතින් සිදුකිරීමට හැකිවීමයි. එමෙන්ම මෙම අවස්ථාව සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ඉන්දික කිරිවන්දෙණිය මහතා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම රක්ෂණාවරණය යටතේ කල්පිරීමේ අගයක් සහිතව කාල සීමාව අවසානයේ දී ඉතුරුම් අරමුදලක් සහ කල්පිරීමේ අගයක් රහිතව අවම වාරිකයක් යටතේ රක්ෂණාවරණයක් හිමිකරගත හැකිවන නිසා මෙය කාන්තාවන්ට ඉතාම වටිනා රක්ෂණාවරණයක් වනු නිසැකය. ඊට අමතරව ජීවිතයට වඩාත්ම වැදගත්වන ජීවිත රක්ෂණ ප්‍රතිලාභය රැසක් සමඟ හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය, පූර්ණ හා සදාකාලික අකර්මණ්‍යතා ප්‍රතිලාභය, අර්ධ සදාකාලික අකර්මණ්‍යතා ප්‍රතිලාභය, අසාධ්‍ය රෝග ප්‍රතිලාභය, රෝහල් දීමනා ප්‍රතිලාභය සහ අවමංගල්‍යය වියදම් ප්‍රතිලාභය ඇතුළු අමතර ප්‍රතිලාභ රැසක් කාන්තාවන්ට මෙමගින් ලබාගැනීමට හැකියාව පවති. මෙහි විශේෂත්වය වන්නේ මාසික කාලසීමාව තුලදී විශේෂ දීමනා සහ ප්‍රතිලාභ හිමිකර ගත හැකිවීමයි.
නිරන්තරයෙන් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් ඔවුන්ව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීමේ ක්‍රියාන්විතයට මහඟු දායකත්වයක් සපයමින් සිටින සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය, දිවයිනේ සීග්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස දෙස් විදෙස් සම්මාන රාශියක් හිමිකර ගනිමින් රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් අතර ඉහළින්ම රැදි සිටියි.
Be First to Comment